Home Cricket පළමු ටෙස්ට් තරගයේ දිනයේ වාසිය ඉන්දියාවට  

පළමු ටෙස්ට් තරගයේ දිනයේ වාසිය ඉන්දියාවට  

ගාල්ලේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාව දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

නිරෝෂන් දික්වැල්ල වසර 3කට පසු යළි කණ්ඩායමට පැමිණ තිබෙන අතර කේෂර නුවන්තට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වරම් හිමිවුණා.

කේෂර ශ්‍රී ලංකා වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත් 172වන ක්‍රීඩකයායි.

මෙය ගාල්ලේදී පැවැත්වෙන 50 වන ටෙස්ට් තරගය මෙන්ම ඉන්දියාව ක්‍රීඩා කරන 600 වන ටෙස්ට් තරගය ද වනවා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දෙන ඉන්දිය කණ්ඩායම පළමු දිනය නිමාවන විට පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 288ක් ලබා සිටියා.

මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ දෙව්දත් පඩික්කල් නොදැවී ලකුණු 131ක් සහ KL රාහුල් ලකුණු 77 ක් ලබා සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වුණා.

ප්‍රභාත් ජයසූරිය ලකුණු 77කට එක් කඩුල්ලයි.

පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය හෙට. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here