Home Cricket අසීරු තැනක සිට අවසන් දිනයේ ජය සොයන සිංහයින් 

අසීරු තැනක සිට අවසන් දිනයේ ජය සොයන සිංහයින් 

ශ්‍රී ලංකා – ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 372ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 84ක් ලබා අසීරු තත්ත්වය පසු වුණා. 

ඒ තරගයේ සිව්වැනි දිනය අවසන් වන විටයි.

තරගයේ අවසන් දිනය වන හෙට ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක් අතැතිව තවත් ලකුණු 288ක් ලබා ගත යුතු වනවා.

නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 31ක් සහ සොනාල් දිනූෂ නොදැවී ලකුණු 25ක් ලබා ගෙන සිටියා.

ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 462ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 284ක් පමණයි.

ඉන්දීය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 193කට සීමා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here