Home Cricket සිංහ සංචිතයේ වෙනස්කම් 4ක් – සහන් සහ කමිල් එයි

සිංහ සංචිතයේ වෙනස්කම් 4ක් – සහන් සහ කමිල් එයි

ඉන්දියාව සමග අනිද්දා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද නම් කළා.

මෙම සංචිතය සඳහා ආරම්භක පිතිකරු කමිල් මිශාර සහ සහන් ආරච්චිගේ කැඳවා තිබෙනවා.

ඒ ආබාධයන්ට ලක්ව මෙම තරගය දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්ට අහිමිව යෑමත් සමගයි.

බොහෝ දුරට දෙවැනි ටෙස්ට් තරගයේදී කමිල් මිශාරට ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිවීමට ද ඉඩ තිබෙනවා.

මීට අමතරව පළමු ටෙස්ට් තරගයට නම් කළ ශ්‍රී ලංකා සංචිතයෙන් ඩිල්ෂාන් මධුෂංක, නිෂාන් මධුෂ්ක සහ රමේෂ් මෙන්ඩිස් ද ඉවත් කර තිබීමත් විශේෂත්වයක්. 

පළමු ටෙස්ට් තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 1ට 0ක් ලෙස පසුපසින් සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here