Home Cricket සිංහ ධේනුවන්ගේ ජයග්‍රාහී ඇරඹුම

සිංහ ධේනුවන්ගේ ජයග්‍රාහී ඇරඹුම

ආසියානු කුසලාන කාන්තා T 20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කිරීමට සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් UAE කාන්තා කණ්ඩායමට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 79ක් පමණයි.

පළමු ජාත්‍යන්තර T 20 තරගයට ක්‍රීඩා කළ චේතනා විමුක්ති ලකුණු 16කට කඩුලු 3ක් බිඳ දමමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මාන ද දිනා ගත්තා.

මිතාලි අයෝද්‍යා ලකුණු 14කට කඩුලු 3ක් සහ සුගන්දිකා කුමාරි ලකුණු 18කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 7.5කදී කඩුල්ලක් දැවී ලකුණු 80ක් ලබා තරගය ජය ගත්තා.

නායිකා චමරි අතපත්තු නොදැවී ලකුණු 48ක් සහ ඉමේෂා දුලානි ලකුණු 25ක් ලබා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here