ආසියානු කුසලාන කාන්තා T 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියාව සමග පැවැති තරගයෙන් ලකුණු 75ක ජයක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අත් කර ගත්තා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 124ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දුනීසියා කාන්තා කණ්ඩායමට පන්දුවාර 18.3කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 49ක් පමණයි.
ශ්‍රී ලංකා වෙනුවෙන් මෙම තරගයේදී නිලක්ෂිකා සිල්වා අර්ධ ශතකයක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී නායිකා චමරි අතපත්තු කඩුලු ත්‍රිත්වක් ද සමග ලකුණු 5කට කඩුලු 7ක් දවා ගත්තේ ජාත්‍යන්තර කාන්තා T 20 තරගයක ලොව 5 වන හොදම පන්දු යැවීම ප්‍රදර්ශනය කරමින්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා T 20 තරගයකදී කඩුලු ත්‍රිත්වක් දවා ගත් පළමු ක්‍රීඩිකාව ද චමරියි




