Home Athletics රුමේෂ් තරංග මැදියමේදී පිටියට 

රුමේෂ් තරංග මැදියමේදී පිටියට 

2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදිරය බෙල්ජියමේ Brusselsහිදී පැවැත්වෙනවා.

පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ද එක්වීමට නියමිතයි.

ලොව අංක එකේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා වන රුමේෂ් තරංග සහභාගි වන තරගය මධ්‍යම රාත්‍රි 12.10ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Doha, Rome, Lausanne සහ Zurich ඩයමන් ලීග් මලල ක්‍රීඩා තරගාවලිවල හෙල්ල විසිකිරිමේ ඉසව්ව ජය ගත් රුමේෂ් මේ වන විට මෙවර ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ සමස්ත ශූරතා ලකුණු සටහනේ ද පෙරමුණ ගෙන සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here