Home Athletics රුමේෂ්ගේ හානි වූ හෙල්ලයන්වලට නව හෙල්ල කට්ටලයන් කඩිනමින්

රුමේෂ්ගේ හානි වූ හෙල්ලයන්වලට නව හෙල්ල කට්ටලයන් කඩිනමින්

ලෝක ශූර රුමේෂ් තරංගගේ හානියට පත් හෙල්ල වෙනුවෙන් අලුත් හෙල්ල කට්ටලයක් රජයේ වියදමින් කඩිනමින් ලබාදීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්ෂණික පියවර ගෙන තිබෙනවා.

“අපේ මලල ක්‍රීඩා තාරකාවගේ ඔලිම්පික් සිහිනය වෙනුවෙන් රජය නිරන්තරයෙන් පෙනී සිටින බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා.

ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලිය (World Athletics Ultimate Championship) සහ ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය (Diamond League Final) ජයග්‍රහණය කරමින් ජාත්‍යන්තරය හමුවේ මව්බිම ඉහළින්ම ඔසවා තැබූ සුපිරි ජැවලින් ශූර රුමේෂ් තරංගට ගුවන් ගමනේදී සිදුවූ අවාසනාවන්ත උපකරණ හානිය පිළිබඳව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සෘජු අවධානය යොමුවී ඇත.

හංගේරියාවේ බුඩාපේස්ට් නුවර සිට පැමිණි ගුවන් ගමනේදී රුමේෂ් සතු ජාත්‍යන්තර ප්‍රමිතියේ වටිනා හෙල්ල 5ම කැඩී බිඳී හානියට පත්වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් වූ අතර, ක්‍රීඩකයාගේ ඉදිරි පුහුණුවීම් කටයුතුවලට කිසිදු බාධාවක් වීමට ඉඩ නොතබා රජයේ පූර්ණ වියදමින් අතිනවීන හෙල්ල කට්ටලයක් (New Javelin Set) කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා නිල වශයෙන් ප්‍රකාශ කළේය.

එමෙන්ම ගුවන් ගමන් මලු සිදුවූ මෙම බරපතළ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවය වෙතින් වන්දි ලබාගැනීම සහ ඉදිරි නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත.

ඉදිරි ආසියානු ක්‍රීඩා උළෙල සහ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී මව්බිමට රන් පදක්කමක් දිනාදීමේ ප්‍රධානතම බලාපොරොත්තුව වන රුමේෂ් තරංගගේ ක්‍රීඩා ගමන වෙනුවෙන් අවශ්‍ය සියලුම රාජ්‍ය අනුග්‍රහය සහ පහසුකම් නොපසුබටව ලබාදීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය බැඳී සිටින බව ද ක්‍රීඩා අමාත්‍යාංශය පසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here