සංචාරය සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 44.4කදී සියල්ලන් දැවී ලකුණු 208ක් ලබා ගත්තා.
නායක ක්‍රේග් අර්වයින් ලකුණු 82ක් ද,Rayan Brul 31ක් ද Joylord Gumbi ලකුණු 30ක් ද ලබා ගත්තේය.
මහීෂ් තීක්ෂණ ලකුණු 31කට කඩුලු 4ක් ද,දුෂ්මන්ත චමීර ලකුණු 44කට කඩුලු 2ක් ද,ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 47කට කඩුලු 2ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49දී කඩුලු 8ක් දැවී ලකුණු 211ක් ලබා තරගය ජය ගත්තා.
ජනිත් ලියනගේ ලකුණු 95ක් ද,මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර නොදැවී ලකුණු 18 බැගින් ද, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී ලකුණු 19ක් ද ලබා ගත්තා.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවට දැවී යෑම නිසා පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා අවසන් මොහොතේදී රැගෙන ගියා.
තරගයේ වීරයා ජනිත් ලියනගේයි.