Home Cricket ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට යන්න ශ්‍රී ලංකාවට තවම පුළුවන්

ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට යන්න ශ්‍රී ලංකාවට තවම පුළුවන්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ පළමු තරග තුනෙන්ම දරුණු පරාජයන්ට මුහුණ දීමත් එක්ක ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් නම් ඉන්නේ මේවන විට ඉන්නේ ටිකක් විතර ක්‍රිකට් ගැන කළකිරීමෙන්.

පළමු තරගයේදී දකුණු අප්‍රිකාව එක්ක පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙවැනි තරගයේදී පාකිස්ථානය හමුවේ පරාජය වුණා.

ඊට පස්සේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට ඔස්ට්‍රේලියාව එක්කත් හිස ඔසවන්න හැකිවුණේ නැහැ.

කොහොම හරි ආබාධ එක්ක මෙවර ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට කණ්ඩායමේ ප්‍රධානතම වේගපන්දු සහ දගපන්දු තුරුම්පුවේ සහයත් හිමිවුණේ නැහැ.

ඒ දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග ලෝක කුසලානයට පෙර LPL තරගාවලියේදී අතරවාරයේදී ආබාධයන්ට ගොදුරු ලෝක කුසලාන අහිමි කර ගැනීමත් එක්කයි.

ඒ විතරක් නෙමෙයි නිත්‍ය නායක දසුන් ශානකත් ආබාධයකට ලක්ව මේවන විට ඉන්නේ බංකුවේ.

ශානක බංකුවේ ඉන්න එක ගැන එතරම් අවුලක් නැත්තේ ඔහු ක්‍රීඩකයෙක් විදියට දිගින් දිගටම අසාර්ථක වීම නිසා කියල ඇතැම් ක්‍රීඩා ලෝලීන් කිව්වත්, තවත් සමහරක් කියන්නේ ශානක නායකත්වය හොදට කළ නිසා ඔහු කණ්ඩායමේ ඉන්න ඕන කියලා.

මෙවැනි සිදුවීම් රැසක් එක්ක දැන් කොහොම හරි කුසල් මෙන්ඩිස්ගේ හිස මතට නායකත්වයේ කටු ඔටුන්න වැටිලා ඉවරයි.

දැන් තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට DO OR DIE GAME එකක් ගහන්න තමයි.

දැන් කණ්ඩායමට වැටෙන්න තැනක් නැහැ.

ප්‍රසාද ලකුණු සටහනේත් අඩියෙම ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් තරග 6ක් ඉතිරිවෙලා තියෙනවා.

එහිදි නෙදර්ලන්තය එක්ක ලබන සෙනසුරාදා දිවා තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යයෙන්ම ජය ගන්න වෙනවා.

එක හිතන තරම් ලෙහෙසියෙන් සිදුවෙන්නේ නෑ කියලා නෙදර්ලන්තය දකුණු අප්‍රිකාව පරාජය කලා එක්ක අපිට හිතන්න පුළුවන්.

කොහොම හරි එක තලා ගත්තොත් ,එංගලන්තය එක්ක තියෙන තරගයට මානසික සහනයක් ගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පුළුවන්.

එහිදි ඇෆ්ගනිස්ථාන සහ බංග්ලාදේශය එක්ක තියෙන තරග දෙක අපි කොහොමත් ගහයි.

එතකොට නෙදර්ලන්ත, බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන තරග 3 ජය ගත්තාහම ප්‍රසාද ලකුණු 6ක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වෙනවා.

ඊට පස්සේ තීරණාත්මක තරග වන්නේ එංගලන්ත ,ඉන්දියා සහ නවසීලන්තය තරග 3යි.

මේ තරග තුනම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තොත් කිසිදු අවුලක් නැතිවම ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට යන්න පුළුවන්.

එංගලන්තය අපි 2019 වසරේදී ලෝක කුසලානයේදීත් පරාජය කළා.

ඔවුන් ඇෆ්ගනිස්ථානය එක්ක තිබුණු තරගය පරාජය වීම නිසා මානසිකව වැටිලා තමයි ශ්‍රී ලංකා තරගයට එන්නේ.

එකෙන් උපරිම වාසිය ගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැන ගන්න ඕන,මොකද ඔවුන් දග පන්දු යවන්නට ඇඹරිලා තමයි ක්‍රීඩා කරන්නේ.

2019 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය එක්ක තරගය ජය ගන්නකොට ධනංජය ද සිල්වා දගපන්දුවෙන් ලොකු දෙයක් කළා.

ඉන්දියාව කොහොමත් ඉන්නේ ලොකු පීඩනයකින් කොහොමහරි මෙම තරගය තියෙන්නේ වංකඩේ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය කුසල් දින්නොත් ඉන්දීයාව ලකුණු 300ට හෝ ඊට අඩුවෙන් තියාගත්තොත් ශ්‍රී ලංකාවට ගේමක් ගහන්න පුළුවන්.

මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන අවසන් තරගය තියෙන්නේ නවසීලන්තය එක්ක මේ තරගය තමයි ශ්‍රී ලංකාවට අපි දකින විදියට අමාරුම තරගය ,මොකද නවසීලන්තය එක්ක අපි මෑතකාලීනව හොදට කරලා නෑ.

එහෙම කියලා වැඩේ අත අරින්න බෑනේ.

මහීෂ්ට ,දුනිත් සහ ඩිල්ෂාන් මධුෂංකට නවසීලන්ත පිතිකරුවන් මට්ටු කරන්නට හැකිවුවහොත් කිවියන් පරාජය කරන එකත් එතරම් අමාරු දෙයක් නෙමෙයි.

කුසල් ජනිත් පෙරේරා ,පැතුම් නිස්සංක ,කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම හොද රිද්මයේ ඉන්න නිසා ඉතිරි තරග හයේදී ධනංජය ද සිල්වා පිත්තෙන් සහ පන්දුවෙන් වගකීම අරගෙන වගේම මහීෂ් තීක්ෂණගෙන් කඩුලු කිහිපයක් කණ්ඩායමට එන්නත් ඕන.

මීට අමතරව කසුන් රාජිත යළි කණ්ඩායමට ගෙනල්ලා දිමුත් කරුණාරත්න මැද පෙළට දාලා කොහොම හරි EXPERIENCE එක්ක BAT කළොත් අපිට ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට යන එක සිහිනයක් නම් නෙමෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here