Home Cricket අපරාජිතව පෙරමුණ ගත් කිවියන්

අපරාජිතව පෙරමුණ ගත් කිවියන්

CHENNAI, INDIA - OCTOBER 18: Hashmatullah Shahidi of Afghanistan and Tom Latham of New Zealand lead their sides out for the National Anthems ahead of the ICC Men's Cricket World Cup India 2023 between New Zealand and Afghanistan at MA Chidambaram Stadium on October 18, 2023 in Chennai, India. (Photo by Alex Davidson-ICC/ICC via Getty Images)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර තරගයෙන් නවසීලන්තය ලකුණු 149කින් ජයග්‍රහණය කළා.

ඇෆ්ගනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 288ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් ඇෆ්ගනිස්තානයට ලබා ගත හැකි වූයේ ලකුණු 139ක් පමණයි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් යම් හෝ සාර්ථකත්වයක් ළඟා කර ගත්තේ මැදපෙළ පිතිකරු රහ්මාත් ශාහ් පමණක් වන අතර ඔහු ලකුණු 36ක් රැස් කළා.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේ දී මිචෙල් සැන්ටර් සහ ලොකී ෆර්ගියුසන් කඩුලු තුන බැගින් දවා ගත්තා..

තරගයේ වීරයා ග්ලේන් පිලිප්ස්.

මෙම ජයත් සමග නවසීලන්තය මේවන විට ප්‍රසාද ලකුණු සටහනේ සහභාගී වූ තරග 4ම ජය ගෙන ප්‍රසාද ලකුණු 8ක් හිමිකර ගනිමින් පෙරමුණ ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here