Home Cricket මැතිව්ස් – චමීර සංචිතයට කැදෙව්වාට ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න පුළුවන් ද ?

මැතිව්ස් – චමීර සංචිතයට කැදෙව්වාට ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න පුළුවන් ද ?

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ ආබාධය සුවවීමෙන් පසු දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව විසින් පියවර ගත්තා.

හැමෝම හිතන්නේ ඉන්දියාවට ගිය මැතිව්ස්ට සහ චමීරට අනිද්දා නෙදර්ලන්තය සමග තරගය එක්ක ක්‍රීඩා කරන්න පුළුවන් කියලා.

හැබැයි එහෙම නෙමෙයි.

ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට එන්න පුළුවන් වෙන්නේ සංචිතයේ ඉන්න ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වුණොත් විතරයි.

එම ක්‍රීඩකයා ආබාධයකට ලක් වුණා කියලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අවසර මත තමයි මැතිව්ස්ට සහ චමීරට ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න වෙන්නේ.

නමුත් ඔවුන් දෙදෙනාට කණ්ඩායම සමග පුහුණුවීම්වලට එක් වන්නට අවසර හිමි වෙනවා.

ඒ අනුව මැතිව්ස් සහ චමීර හෙට සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමග පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here