Home Cricket කැන්ගරුවන් යළි ජයග්‍රාහී රිද්මයට එයි

කැන්ගරුවන් යළි ජයග්‍රාහී රිද්මයට එයි

2023 ලෝක එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය වාර්තා කරන්නට ඔස්ට්‍රේලියාවට හැකියාව ලැබුණේ පාකිස්ථානය ලකුණු 62කින් පරාජය කරමින්.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 367ක් ලබා ගත්තා.

ඩේවිඩ් වෝනර් ලකුණු 163ක් ද,මිචෙල් මාෂ් ලකුණු 121ක් ද රැස්කළා.

ෂහීන් ෂා අෆ්‍ රිඩී ලකුණු 54කට කඩුලු 3ක් ද,හැරිස් රවුෆ් ලකුණු 83කට කඩුලු 3ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානයට පන්දුවාර 45යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 305ක් පමණයි.

අබ්දුල්ලා ෂෆීක් ලකුණු 64ක් ද,ඉමාම් උල් හක් ලකුණු 64ක් ද,මොහොමඩ් රිස්වාන් ලකුණු 46ක් ද රැස්කර ගත්තා.

ඇඩම් සැම්පා ලකුණු 54කට කඩුලු 4ක් දවා ගත්තා.

තරගයේ වීරයා ඩේවිඩ් වෝනර්.

වෝනර් වාර්තා කළේ 21වැනි ODI ශතකය ද වනවා.

ඔස්ට්‍රේලියාව මෙම තරගය ජය ගැනීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here