T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඒ අවසන් පුර්ව තරගයෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 68ක ජයක් වාර්තා කරමින් ය.
තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුනි.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තේය.
නායක රෝහිත් ශර්මා පන්දු 39කදී ලකුණු 57ක් රැස් කළා.
ලකුණු 172ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 103ක් පමණයි.
ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්රිකානු කණ්ඩායම මෙම ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් ක්රීඩා කළ සියලුම තරග ජයග්රහණය කර තිබීම විශේෂත්වයක් වෙයි.
ඒ අනුව 2024 T20 ලෝක කුසලාන අවසාන මහා තරගය දකුණු අප්රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.