ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් නව නීති සහ මාර්ගෝපදේශ කිහිපයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිරූපය සහ ක්‍රීඩක විනය සහ වෘත්තීය භාවය රැක ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම නව මාර්ගෝපදේශ මගින් ක්‍රීඩක ඇඳුම් පැලඳුම්, ගමන් බිමන් සහ සමාජ මාධ්‍ය භාවිතය යන කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කර තිබීමත් කැපී පෙනෙනවා.
මේ අනුව කණ්ඩායම් නිල ඡායාරූප ලබා ගැනීමේදී කමිස,කලිසම් සහ බ්ලේසරය පැලඳීම අනිවාර්ය වන අතර, තරගය කාසියේ වාසිය, ජාතික ගීය, සම්මාන පිරිනැමීම සහ මාධ්‍ය සාකච්ඡා වැනි අවස්ථා වෙනුවෙන් ක්‍රීඩා ඇඳුම් පැලඳීම අනිවාර්ය වනවා.
එහිදී කොට කලිසම් සහ සෙරෙප්පු පැලඳීම තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
තරගාවලි අතරතුර සමාජ මාධ්‍ය භාවිතය, වීඩියෝ ක්‍රීඩා, රාත්‍රී චිත්‍රපට නැරඹීම සහ ඒ හා සමාන ක්‍රියාවන් වෙනුවෙන් ද සීමා පනවා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරයකින් තොරව ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සමාජ මාධ්‍ය වෙත අදහස් ලබා දීම ද තහනම් වනවා.
තරග සංචාරයන් අතරවාරයේදී ක්‍රීඩක කළමනාකරුවන් හමුවීමට සහ ඔවුන්ව කණ්ඩායම් රැස්වීම සඳහා සම්බන්ධ කර ගැනීමටත් අවසර හිමි වන්නේ නැහැ.
මීට අමතරව පුහුණුවීම් සිදුකරන අවස්ථාවේදී සහ තරග අතරවාරයේදී ජංගම දුරකථන භාවිතා කිරීම ද තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
තරගාවලිය තුළදී විශේෂ හේතුවක දී හැරුණු කොට ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් එක්ව ගමන් ගත යුතු අතර දෛනික පුහුණු කාලසටහන අනුව කටයුතු නොකරන නම් ඔවුන් කණ්ඩායමෙන් ඉවත් කිරීමට හෝ විදෙස් තරග සංචාරයක් නම් එම ක්‍රීඩකයින් යළි දිවයිනට පිටත් කර හැරීමටත් නියමිතයි.
එමෙන්ම විදෙස් තරග සංචාරයකදී ක්‍රීඩකයෙකුට ආහාර පාන වෙනුවෙන් දිනකට අමෙරිකානු ඩොලර් 150ක් ද, ශ්‍රී ලංකාවේදී අමෙරිකානු ඩොලර් 100ක මුදලක් ද ලබා දෙන අතර එහිදී එම මුදල් ඉතිරි කර ගැනීම වෙනුවෙන් ආහාර පාන ගැනීමෙන් වැලකී සිටීම ද තහනම් කර තිබෙනවා.
දින 20 කට අධික දීර්ඝ තරග විදෙස් තරග සංචාරයක අවසන් දින 12ක කාලය තුල සිය බිරිඳ සහ අවුරුදු පහට වැඩි දරුවන් ගෙන්වා ගත හැකිවන අතර ඊට අදාළ සියලු වියදම් ක්‍රීඩකයා හෝ පුහුණුකරු විසින් දැරීමට සිදුවනවා.
මීට අමතරව කිසිඳු නෑදෑයෙක් හෝ වෙනත් පුද්ගලයෙක් සංචාරයට එක් කර ගන්නට ද අවසර හිමි වන්නේ නැහැ.
මෙම මාර්ගෝපදේශයන් කඩ කරන ක්‍රීඩකයින් හෝ පුහුණුකරුවන්ට අමෙරිකානු ඩොලර් 10,000 නොඉක්මවන දඩයක් මෙන්ම බරපතල වරදකදී කණ්ඩායමෙන් ඉවත් කිරීමට හෝ තරග තහනම් පැනවීම ද නියමිතයි.