Home Cricket එකම දවසේ දෙවරක් දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ එංගලන්තය

එකම දවසේ දෙවරක් දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වූ එංගලන්තය

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ එංගලන්ත අතර පැවැති තරගයෙන් ලකුණු 229ක ජයක් වාර්තා කරන්නට ඉන්දියාවේ වංකඩේ ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 399ක් ලබා ගත්තා.

හෙන්රිච් ක්ලාසන් ලකුණු 109ක් ද, රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 85ක් ද, රසී වැන්ඩ ඩුසන් ලකුණු 60ක් ද, මාර්කෝ ජැන්සන් නොදැවී ලකුණු 75ක් ද ලබා ගත්තා.

රෙසී ටොප්ලි ලකුණු 88කට කඩුලු 3ක් දවා ගන්නට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 22කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 170ක් පමණයි.

මාර්ක් වුඩ් නොදැවී ලකුණු 43යි.

Gerald Coetzee ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ වීරයා හෙන්රිච් ක්ලාසන්.

ඒ ක්‍රිකට් පිටියේදී වුණේ එහෙමයි.

ඊට පස්සේ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ප්‍රංශයේදී රග්බි පිටියේදීත් හමුවුණා.

ඒ රග්බි ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේදීයි.

මෙම තරගයෙන් ලකුණු 16ට 15ක ජයක් වාර්තා කරමින් 2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගන්නට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබුණා.

ඒ විදියට තමයි එකම දවසේදී එංගලන්තය දකුණු අප්‍රිකාව හමුවේ දෙපාරක් පරාජය වුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here