Home Cricket වසර 27කට පසු සිංහයින් භාරතය දණ දස්සවයි

වසර 27කට පසු සිංහයින් භාරතය දණ දස්සවයි

1997 වසරෙන් පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය.

මෙවර තරගාවලියදී ඔවුන් තරග 2-0ක් ලෙස තරගාවලි ජයක් වාර්තා කළා.

කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 110කින් ජය ගත්තේය.

මෙම තරගයේ ප්‍රථමයෙන්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 247ක් ලබා ගත්තා.

පැතුම් නිස්සංක ලකුණු 45ක් ද, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් ද රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 26.1කදී ලකුණු 138කට දැවී ගියේය.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 27කට කඩුලු 5ක් ද ,ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු ලකුණු 34කට කඩුලු 2ක්ද,මහීෂ් තීක්ෂණ ලකුණු 45කට කඩුලු 2ක් ද දවා ගත්තා.

අවිශ්ක ප්‍රනාන්දු තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස දුනිත් වෙල්ලාලගේ සම්මාන දිනා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here