Home Cricket පාකිස්ථානයට එරෙහිව ජාත්‍යන්තර එක්දින පිටියේදී ඇෆ්ගනිස්ථානය ලද පළමු ජය

පාකිස්ථානයට එරෙහිව ජාත්‍යන්තර එක්දින පිටියේදී ඇෆ්ගනිස්ථානය ලද පළමු ජය

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරන්නට ඇෆ්ගනිස්ථානයට හැකියාව ලැබුණේ චෙන්නායිහිදීයි.

ඇෆ්ගනිස්ථානය ජාත්‍යන්තර එක්දින පිටියේදී පාකිස්ථානය පරාජය කළ පළමු අවස්ථාව ද මෙයයි.

ඇෆ්ගනිස්ථානය පාකිස්ථානය හමුවේ මීට පෙර තරග 7ක් පරාජය වී තිබුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 282ක් ලබා ගත්තා.

නායක බාබර් අසාම් ලකුණු 74ක් සහ අබ්දුල්ලා ෂෆීක් ලකුණු 58ක් ලබා ගත්තා.

නූර් අහමඩ් ලකුණු 49කට කඩුලු 3ක් ද , නවීන් උල් හක් ලකුණු 52කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය පන්දුවාර 49කදී කඩුලු 2ක් දැවී ලකුණු 286ක් ලබා තරගය ජය ගත්තා.

රහමනුල්ලාහ් ගුර්බාස් ලකුණු 65ක් ද ,ඉබ්‍රහිම් සද්‍රාන් ලකුණු 87ක් ද ,රහමත් ෂා ලකුණු 77ක් ද නායක Hashmatullah Shahidi නොදැවී ලකුණු 48ක් ද ලබා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here