Home Cricket සිංහයින්ට ඓතිහාසික T20 තරගාවලි ජයක් 

සිංහයින්ට ඓතිහාසික T20 තරගාවලි ජයක් 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් T20  ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස්කළා. 

රෝව්මන් පවෙල් ලකුණු 37යි.

මහීෂ් තීක්ෂන ලකුණු 19කට කඩුලු 2ක් ද,වනිඳු හසරංග ලකුණු 24කට කඩුලු 2ක් ද දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී තරගයේ 18වැනි පන්දුවාරයේදී තරගය ජය ගත්තේය.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68ක් රැස්කරගෙන සිටියේය.

කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් දෙවැනි කඩුල්ලට ලකුණු 106ක සබඳතාවක් ගොඩනැගුවේය.

කුසල් ජනිත් පෙරේරාද නොදැවී ලකුණු 55යි.

පැතුම් නිස්සංක ලකුණු 39කට දැවී ගියේය.

මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.

ශ්‍රී ලංකාව T20 ඉතිහාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජය ද මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here