Home Cricket ආසියානු කුසානයේ අවසන් සටනට සිංහයින් සුදුසුකම් ලබයි

ආසියානු කුසානයේ අවසන් සටනට සිංහයින් සුදුසුකම් ලබයි

නැගි එන ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

පාකිස්ථාන A කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින් ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

පළමු අවසන් පූර්ව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන A කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 135ක් ලබා ගත්තා.

දුෂාන් හේමන්ත ලකුණු 21 කඩුලු 4ක් ද,නිපුන් රන්සික ලකුණු 21 කඩුලු 2ක් ද,එෂාන් මාලිංග ලකුණු 28කට කඩුලු 2ක් ද දවා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 16.3දී කඩුලු 3කට ලකුණු 137ක් ලබා තරගය ජය ගත්තා.

ලහිරු උදාර ලකුණු 43ක් ද,අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 52ක් ද ලබා ගන්නට සමත් විය.

දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දීය A කණ්ඩායම ලකුණු 20කින් පරදවා ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම අතර අවසන් තරගය ඉරිදා පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here