නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතව තිබේ.
දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.
තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩක්වර් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මේ වන 1ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටියි.
අද තරගය ශ්‍රී ලංකාව ජය ගතහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවට එක්දින තරගාවලිජය ජය හිමිවනු ඇති.
ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයට එරෙහිව 2012 වසරේදී එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.