ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ඔස්ට්‍රේලියාවේදී අකරතැබ්බ ගොඩකට මේදිනවලදී මුහුණ දී තිබෙනවා.
මෙල්බර්න්හිදී අද ආරම්භ වූ ඔස්ට්‍රේලියාව සමග 4වන ටෙස්ට් තරගයේ ආරම්භයට පෙර විරාත් කෝලි මෙල්බර්න් ගුවන් තොටුපොළේදී මාධ්‍යවේදනියක් සමග කෝලි උණුසුම් වචන හුවමාරුවක් ඇති කර ගත්තා.
ඒ සිය බිරිඳ වන අනුශ්කා ශර්මා සහ තම දරුවන්ගේ රූප රාමූ පටිගත කළ බවට චෝදනා කරමින්.
එම පුවතෙන් පසු අද තම පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක වයස 19ක් වන සෑම් කොන්ස්ටස් සමග ද බහින් බස්වීමක් කෝලි ඇති කර ගත්තා.
මෙම තරගයේදී සෑම් කොන්ස්ටස් පහර පිට පහර එල්ල කරමින් ලකුණු 60ක් ලබා ගන්නට සමත් වුණා.
මෙම සිදුවීමේදී විරාත් කෝලි සිය උරහිස සෑම් කොන්ස්ටස්ගේ උරහිසේ වද්දමින් කටයුතු කළ අතර අනතුරුව කෝලි අනතුරුව වාදයකට ද පැටලුණා.
මෙම සිදුවීම ක්‍රීඩාවේ ජීව ගුණයට හානි දුන් බවට බොහෝ දෙනා විරාත් කෝලිට චෝදනා එල්ල කරමින් පවසනවා.
මීට වරදකරුවුවහොත් විරාත් කෝලිට ICCයෙන් දඬුවම් ලැබෙනවා.