Home Cricket ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන බලාපොරොත්තු ඉවරයි ද ? – ක්‍රිකට් ආයතනය කරුණු...

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන බලාපොරොත්තු ඉවරයි ද ? – ක්‍රිකට් ආයතනය කරුණු විමසයි

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගයෙන් ලකුණු 302ක දැවැන්ත පරාජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

තරගය පැවැත්වුණේ ඉන්දියාව වංකඩේ ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුන්නා.

ඒ අනුව ඉන්දීය ක්‍රීඩකයින් සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 දැවී ලකුණු 357 ක් ලබා ගත්තා.

ලකුණු 358ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුම ක්‍රීඩකයින් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 55ක් පමණයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත ලකුණු 14ක්ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 12ක්ද, මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 12 ක්ද රැස්කර ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට හැකියාවක් ලැබුණේ නැහැ.

ඉන්දීය පන්දු යවන්නන් විසින් ලකුණු 10ක් අතිරේක ලකුණු ලෙස ලබා දුන්නා.

මෙම ජයග්‍රහණයත් සමඟින් ඉන්දීය කණ්ඩායම 2023 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් නිල වශයෙන් මෙවර ලෝක කුසලානයෙන් ඉවත් වී නැහැ.

මේ අතර අදාළ පරාජය සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරීත්වයේ කරුණු විමසීමකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here