Home Cricket ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

2 වන සහ අවසන් එක්දින තරගය 14 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

දඟ පන්දු යවන්නන්ගෙන් වාසිය තම කණ්ඩායම මෙම තරගාවලියේදී අත් කරගෙන තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගන්නා බව ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංක පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

වේගපන්දු යන්නන් දෙදෙනෙකු හා දඟ පන්දු යවන්නන් 3 දෙනෙකු සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය සකස්වීමට නිමිතය.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක කුලුණ් වල සිදු කරන ලබන නවීකරණ කටයුතු හේතුවෙන් දිවා තරගයක් ලෙස මෙම තරගය උදෑසන 10ට ආරම්භ වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here