මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට දකුණු අප්‍රිකාව සහ සත්කාරක ඉන්දීය කණ්ඩායම මේවන විට සමත් වී තිබෙනවා.
ඉන්දියාව මෙවර ලෝක කුසලානයේ සහභාගී වූ තරග හතම ජය ගෙන අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
2015 එක්දින ලෝක කුසලානයෙන් පසු දකුණු අප්‍රිකාව ද මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ තරග 7න් 6ක් ජය ගෙනයි.
ඊයේ නවසීලන්තය ,පාකිස්ථානය හමුවේ පරාජයවීමත්, ඔස්ට්‍රේලියාව හමුවේ එංගලන්තයේ පරාජයත් සමග දකුණු අප්‍රිකාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.
තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද පැවැත්වීමට නියමිතයි.
පාකිස්ථානය,ඔස්ට්‍රේලියාව ,නවසීලන්තය ,ඇෆ්ගනිස්ථානය ,ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ඉතිරි ස්ථාන දෙක සදහා සටනක් නිර්මාණය කර ගෙන තිබෙනවා.
මේවන විට තරගාවලියෙන් පසුගිය වර ලෝක ශූරයින් වන එංගලන්තය සහ බංග්ලාදේශය මූලික වටයෙන්ම ඉවත් වූ කණ්ඩායම් බවට පත් වුණා.