ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර 3 වන T20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කින් ජය ගත්තේය.
T 20 ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8කට ලකුණු 191ක් ලබා ගත්තේය.
සිම්බාබ්වේ පිල වෙනුවෙන් තදිවනාෂේ මරුමනී ලකුණු 51ක් රැස්කළා.
පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත ලකුණු 38කට කඩුලු 3ක් ද,දුෂ්මන්ත චමීර ලකුණු 33කට කඩුලු 2ක් දවා ගත්තාය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 193ක් ලබමින් තරගයේ ජය තහවුරු කර ගත්තේය.

කමිල් මිශාර නොදැවී ලකුණු 73ක් රැස්කළ අතර ඔහු තරගයේ වීරයා ද විය.
මෙය ඔහුගේ ප්‍රථම T 20 අර්ධ ශතකය ද විය.

කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 46යි.
තරගාවලියේ වීරයා කඩුලු 8ක් දවා ගත් දුෂ්මන්ත චමීරයි.