පාකිස්ථානය, සිම්බාබ්වේ හා ශ්‍රී ලංකාව එක්වන තුන්කොන් T20 තරගාවලියට එක්වන ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නව උප නායකයා ලෙස හිටපු නායක දසුන් ශානක පත් කර තිබේ.
ශානකකට අමතරව භානුක රාජපක්ෂ , අසිත ප්‍රනාන්දු හා එෂාන් මාලිංග ද ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබේ.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන පාකිස්ථානය බලා පිටත්ව ගියේය.



16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා T20 සංචිතය පහත දැක්වෙයි.

තුන්කොන් T20 තරගාවලිය නොවැම්බර් මස 17 වනදා ආරම්භ වන අතර ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරගය නොවැම්බර් මස 19වනදා පැවැත්වෙයි.
තවද පාකිස්ථානය හා පැවැත්වෙන එක්දින තරග 3කින් යුත් එක්දින තරගාවලිය ද සහභාගි වන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ද නම් කළේය.
එක්දින සංචිතය ප්‍රමෝද් මධුශාන්, කමිල් මිශාර සහ එෂාන් මාලිංග යළි කැඳවා තිබේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය පහත දැක්වෙයි.

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර එක්දින තරගාවලිය නොවැම්බර් මස 11 වන දා ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා එක්දින හා T20 නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරයි.




