පාකිස්ථානයේදී පැවැත්වෙන තුන්කොන් T20 තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණේ පාකිස්ථානය හා තරගය ලකුණු 6කින් ජය ගනිමින්ය.
ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර අවසන් තරගය සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබේ.
තරගයේ ප්‍රථමයෙන් පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තේය.
කුසල් මෙන්ඩිස් ලකුණු 40ක් ද,කමිල් මිශාර ලකුණු 76ක් ද ලබා ගත්තා.

ජයග්‍රහණයට හිමි වූ ලකුණු 185ක හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 178ක් පමණි.
නායක සල්මන් අගා නොදැවී ලකුණු 63 ක් ද,උස්මාන් ඛාන් ලකුණු 33ක් ද ලබා ගත්තේය.
දුෂ්මන්ත චමීර ලකුණු 20ට කඩුලු 4ක් ද, එෂාන් මාලිංග ලකුණු 54ට කඩුලු 2ක් ද දවා ගත්තා.




