Home Cricket ශ්‍රී ලංකාව T 20 තරගය ජය ගෙන පාකිස්ථානයට එකට එක කරයි

ශ්‍රී ලංකාව T 20 තරගය ජය ගෙන පාකිස්ථානයට එකට එක කරයි

සංචාරක පාකිස්ථාන කණ්ඩායම හා පැවැතුණු 3 වන T 20 තරගය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණේය.

ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස සමව අවසන් විය.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැතුණු මෙම තරගයට ඇද වැටුණු වර්ෂාව නිසා ඉනිමක් පන්දුවාර 12කට සීමා විය.

තරගයේ ප්‍රථමයෙන් පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 12දී කඩුලු 6කට ලකුණු 160ක් ලබා ගත්තේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් ද,ධනංජය ද සිල්වා ලකුණු 22ක් ද, දසුන් පන්දු 9කින් ලකුණු 34ක් කළා.

ලකුණු 161ක් ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 12 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 146ක් පමණක් රැස්කර ගත්තේය.

නායක සල්මන් අගා ලකුණු 45යි.

වනිඳු හසරංග ලකුණු 35කට කඩුලු 4ක් ද,මතීෂ පතිරණ ලකුණු 34කට කඩුලු 2ක් දවා ගත්තේය. 

වනිඳු මේ කඩුලු 4 සමග ජාත්‍යන්තර T 20 දිවියේ කඩුලු 150ට පැමිණි පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ද විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here