මෙවර T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලොව අවධානය දිනා ගත් ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
විශේෂ වූ ආරක්ෂාවක් යටතේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළාය.
මෙම තරගයේ සියලුම ප්‍රවේශ පත් ද විකිණී අවසන්ය.
රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙය, මෙරට වේලාවෙන් පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.
2026 T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරගය පවත්වනාවද නැද්ද යන්න සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුවුණා.
ඒ පාකිස්ථානය විසින් බංග්ලාදේශයට සහය පළකරමින් මෙම තරගය වර්ජනය කරන බවට ප්‍රකාශ කිරීමත් සමගය.



