ප්‍රබල දකුණු අප්‍රිකාව කඩුලු 9කින් පරාජය කර මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය සමත් විය.
නවසීලන්තය T20 ලෝක කුසලානයක අවසන් මහා තරගය සුදුසුකම් ලැබූ දෙවන අවස්ථාව මෙයයි.
කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් ලකුණු රැස්කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තේය.
දකුණු අප්‍රිකාවෙන් හිමිවූ ලකුණු 170ක ඉලක්කය තරගයේ 12.5වන පන්දුවාරයේදී පසුකර යෑමට නවසීලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා.
ෆින් ඇලන් පන්දු 33කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 100ක් රැස්කළේය.
මෙම ඉනිම T 20 ලෝක කුසලාන තරගාවලික වාර්තා වූ වේගවත්ම ශතකය ලෙස වාර්තා අතරට එක්විය.
ටිම් සයිෆත් ලකුණු 58යි.
T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ නවසීලන්තය හමුවේ දකුණු අප්‍රිකාව පරාජය වූ පළමු අවස්ථාව ද මෙයයි.



