බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය හා මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය අතර 92 වන සාන්තුවරයන්ගේ සටන මහා තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.
කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී ( SSC ) පැවැතුණු මෙම තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ශාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු 8ක් දැවී 352ක් ලබා ගත්තේය.

ශාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පළමු ඉනිම සියලුම දෙනා දැවී 257යි.
ශාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමු ඉනිම කඩුලු 3ක් දැවී 190ක් ලබා ගත්තේය.
ඒ අනුව හිමි වූ ජයග්‍රාහී ලකුණු 286ක් අභියෝගයක් හඹා යමින් සිටි ශාන්ත පීතර කණ්ඩායම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට දෙවන ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 215ක් ලබා සිටියේය.



