Home Cricket 63 වන සහෝදරයන්ගේ මහා තරගය තර්ස්ටන් විද්‍යාලය ජයගනී

63 වන සහෝදරයන්ගේ මහා තරගය තර්ස්ටන් විද්‍යාලය ජයගනී

කොළඹ ඉසිපතන විද්‍යාලය ඉනිමකින් හා ලකුණු 8කින් පරාජය කර 63 වන සහෝදරයන්ගේ සටන මහා ක්‍රිකට් තරගය ජයගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලයට අද සමත්විය.

ඉසිපතන විද්‍යාලය සිය පළමු ඉනිමට ලකුණු 159ක්රැස්කළ අතර  තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 276ක් රැස්කළේය.

ඉන් අනතුරුව ලකුණු 117ක් පසුපසින් යළි දෙවන ඉනිම ඇරඹූ ඉසිපතන විද්‍යාලයට දෙවන ඉනිමට ලබා ගත හැකිවුණේ ලකුණු 109ක් පමණි.

තර්ස්ටන් කණ්ඩායම සහෝදරයින්ගේ තරගය ජය ගත් 8 වන අවස්ථාව ද මෙය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here