ගාල්ලේදී පැවැති ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්රිකට් තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 165ක පරාජයත් අත් විඳ ගන්නට සිදු වුණා.
මෙම ටෙස්ට් තරගය ඉන්දියාව සහභාගි වූ 600 වැනි ටෙස්ට් තරගය ද වුණා.
තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ ඉන්දියාව ලකුණු 462ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 284ක් පමණයි.
ඉන්දීය කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 193කට සීමා වුණා.
ඒ අනුව තරගයේ ජයග්රහණය සඳහා ලකුණු 372ක ඉලක්කයක් හඹා යන ශ්රී ලංකාවට දෙවැනි ඉනිමට සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 206ක්පමණයි.
පළමු ඉනිමේදී ශතකයක් මෙන්ම දෙවැනි ඉනිමේදී ද ලකුණු 84ක් ලබාගත් සොනාල් දිනූෂ මෙම තරගයේදී සාර්ථක වූ එක ශ්රී ලංකා පිතිකරු බවට පත් වුණා.
මෙම ජයත් සමග ඉන්දියාව තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඉන්දියා කණ්ඩායම තරග 1-0ක් ලෙස පෙරමුණ ගත්තා.




