Home Cricket වසර 128කට පසු ඔලිම්පික් උළෙලට එන ක්‍රිකට්

වසර 128කට පසු ඔලිම්පික් උළෙලට එන ක්‍රිකට්

2028 ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හිදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ නව තරග ඉසව්වන් අතර ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරන්නට ඇමෙරිකාවේ ඔලිම්පික් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

නව ක්‍රීඩා ඉසව්වන් ලෙස ක්‍රිකට් ,ස්කොෂ් , බේස්බෝල් ,flag football සහ lacrosse ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත සිය යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

මෙම යෝජනාවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අවසර දෙනවා ද නැද්ද යන්න මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

1900 ප්‍රංශයේ පැරිස් ඔලිම්පික් උළෙලේදී අවසන් වරට ක්‍රිකට් ඔලිම්පික් උළෙලේදී තරග ඉසව්වක් ලෙස පවත්වා තිබෙන අතර මෙවර ඊට අනුමැතිය හිමිවුවහොත් වසර 128කට පසුවයි ක්‍රිකට් ඔලිම්පික් උළෙලේදී පැවැත්වෙන්නේ.

එය T20 තරගාවලියක් ලෙස පැවැත්වීමට යෝජනා කර තිබෙන අතර නිමා වු ආසියානු ක්‍රීඩා උලෙළේදී ද ක්‍රිකට් ඉසව්ව පැවැත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here