Home Cricket කිවියන්ගේ අපරාජිත ගමන

කිවියන්ගේ අපරාජිත ගමන

HYDERABAD, INDIA - OCTOBER 09: Players of New Zealand line up for the National Anthems ahead of the ICC Men's Cricket World Cup India 2023 between New Zealand and Netherlands at Rajiv Gandhi International Stadium on October 09, 2023 in Hyderabad, India. (Photo by Alex Davidson-ICC/ICC via Getty Images)

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කරන්නට නවසීලන්තයට හැකියාව ලැබුණේ නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 99ක ජයක් වාර්තා කරමින්.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තා.

විල් යං ලකුණු 70ක් ද ,නායක ටොම් ලෙතම් ලකුණු 53ක් ද , රචින් රවීන්ද්‍ර ලකුණු 51ක් ද රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 46යි පන්දු 3කදී සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 223ක් පමණයි.

කොලින් ඇකමන් ලකුණු 69යි.

මිචෙල් සැට්නර් ලකුණු 59කට කඩුලු 5ක් ද ,මැට් හෙන්රි ලකුණු 40කට කඩුලු 3ක් ද දවා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here