ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.
වහාම ක්‍රියාත්මක වන පරිදි සනත් අදාළ ධුරයේ වැඩ ආරම්භ කර ඇති අතර ඔහුට වසර කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබෙනවා.
ජයසූරියගේ භූමිකාවට උපායමාර්ග සැලසුම් කිරීම, තාක්ෂණික අංශ මෙන්ම පුහුණුව, පුහුණු කිරීම සහ ජාතික කණ්ඩායමේ සමස්ත සංවර්ධනය පිළිබඳ ඔහුගේ අවබෝධය ලබා දීම ඇතුළත් වනවා.
මේ අතර, මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන සනත් ජයසූරිය යටතේ උපදේශක භූමිකාව තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.
ඒ අනුව සනත් ජයසූරියගේ මෙහෙයවීම මත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, ජාතික ක්‍රිකට් කණ්ඩායම ඇතුළු සිටලුම ජාතික සංචිතවල වගකීම සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටා තිබෙන උසස් තාක්ෂණික මධ්‍යස්ථානයේ වගකීම් ක්‍රියාත්මක වනු ඇත.