Home Cricket වනිඳු හසරංගට පළමු තරග දෙක අහිමිවෙයි

වනිඳු හසරංගට පළමු තරග දෙක අහිමිවෙයි

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ මුල් තරග දෙක ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංගට අහිමිවන බව තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා පැවසුවා.

වනිඳු හසරංග මේදිනවලදී පැවැත්වෙන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරනවා.

ඔහුගේ ශාරීරික යෝග්‍යතාව ඒ තුළින් මැන ගන්නට අපිට පුළුවන් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා අපිට කිව්වේ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරන්න කළින් වනිඳුට අන්තර් සමාජ ක්‍රිකට් තරග 3ක් ක්‍රීඩා කරන්න කියලා.

ආබාධයකට ලක්වීමෙන් අනතුරුව ශල්‍යකර්මයකට මුහුණ දුන් වනිඳු එම ශල්‍යකර්මයෙන් පසු බොහෝදුරට සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේ සිට යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here