Home Cricket කුසල්ගේ අභියෝගය හෙටින් ඇරඹෙයි

කුසල්ගේ අභියෝගය හෙටින් ඇරඹෙයි

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම 2024 වසරේ සහභාගී වන පළමු ක්‍රිකට් තරගාවලිය ද මෙයයි.

ඊයේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පුහුණු සැසියට ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් තාක්ෂණික මධ්‍යස්ථානයේ ප්‍රධානි සහ පුහුණු උපදේශක සනත් ජයසුරිය මහතා සහ උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරිම් කමිටු සමාජිකයින් ද එක්ව සිටියා.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී තරග වදින පළමු එක්දින ක්‍රිකට් තරගාවලිය ද මෙයයි.

පළමු තරග දෙකට ක්‍රීඩා නොකරන වනිඳු හසරංග ද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පුහුණුවීම් සිදු කළාය.

දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගය හෙට පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here