Home Cricket චමරී අතපත්තු ඔස්ට්‍රේලියාවට

චමරී අතපත්තු ඔස්ට්‍රේලියාවට

2023 කාන්තා බිග් බෑෂ් T20 ක්‍රිකට් තරගාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා එක්දින සහ T20 ක්‍රිකට් නායිකා චමරී අතපත්තු ගිවිසුම් ගත වී තිබෙනවා.

චමරී BBL කාන්තා ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකා තෝරා ගැනීමේදී කිසිදු කණ්ඩායමක් විසින් එක් කර නොගත්තත් සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩිකාවන් කිහිදෙනෙක් ආබාධයන්ට ගොදුරු වීමත් සමග ඇයට මෙම අවස්ථාව උදා වුණා.

චමරී මීට පෙර බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියේදී මෙල්බර්න් රෙනගේට්ස් සහ පර්ත් ස්කෝචර්ස් යන කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here