Home Cricket ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව පෙරමුණ ගනී

ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව පෙරමුණ ගනී

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයෙන් ලකුණු 134ක දැවැන්ත ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ මේවන විට පෙරමුණ ගන්නට සමත් වුණා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 311ක් ලබා ගත්තා.

කුයින්ටන් ඩී කොක් ලකුණු 109ක් ද , ඒඩ්‍රියන් මාක්‍රම් ලකුණු 56ද රැස්කළා.

ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 34කට කඩුලු 2ක් ද,මිචෙල් ස්ටාක් ලකුණු 53කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 40යි පන්දු 5කදී රැස්කර ගත්තේ ලකුණු 177ක් පමණයි.

මානස් ලබුෂයින් ලකුණු 46යි.

කගිසෝ රබාඩා ලකුණු 33කට කඩුලු 3ක් ද, තබ්‍රේස් ශම්සි ,කේෂාව් මහරාජ් සහ මාර්කෝ ජැන්සන් අතරේ කඩුලු 2ක බැගින් බෙදීගියා.

තරගයේ වීරයා කුයින්ටන් ඩී කොක්.

මේ සමග දකුණු අප්‍රිකාව මෙතෙක් සහභාගී වූ තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here