Home Cricket ජයග්‍රහණයකින් වැඩ ඇල්ලූ නව ටෙස්ට් නායක ධනා – Cup එක අපිට

ජයග්‍රහණයකින් වැඩ ඇල්ලූ නව ටෙස්ට් නායක ධනා – Cup එක අපිට

ඇෆ්ගනිස්ථානය සමඟ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10කට පහසු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙය දෙරට අතර ඓතිහාසියේ පැවැති පළමු ටෙස්ට් තරගය ද වනවා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය ලකුණු 198ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිමට ලකුණු 439ක් රැස්කලා.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141ක් ද දිනේෂ් චන්දිමාල් ලකුණු 107ක් ද දිමුත් කරුණාරත්න ලකුණු 77ක් ද ලබා ගත්තේය.

දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානය ලකුණු 296ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සදහා ලකුණු 56ක ඉලක්කයක් හිමි විය.

ඉබ්‍රහිම් සද්‍රාන් ලකුණු 114ක් ද, රහමත් ෂා ලකුණු 54ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසුරිය ලකුණු 107කට කඩුලු 5ක් ද, කසුන් රාජිත ලකුණු 59කට කඩුලු 2ක් ද ,අසිත ප්‍රනාන්දු ලකුණු 63කට කඩුලු 3ක් ද දවා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගය කිසිවකු නොදැවී ජය ගත්තේ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 32ක් සහ නිෂාන් මදුෂ්ක නොදැවී ලකුණු 22ක් ලබා ගෙනයි.

තරගයේ වීරයා ලෙස ප්‍රභාත් ජයසුරියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here