Home Cricket කිවියන්ගේ නායකයාගේ අපලය

කිවියන්ගේ නායකයාගේ අපලය

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගය අතරවාරයේදී නවසීලන්ත නායක කේන් විලියම්සන් යළි ආබාධයකට ගොදුරු තිබෙනවා.

2023 IPL තරගාවලිය අතරවාරයේදී ආබාධයකට ලක් වූ කේන් විලියම්සන් නවසීලන්තය ලෝක කුසලානයේ සහභාගී වූ පළමු තරග දෙකට ද ක්‍රීඩා නොකළ අතර ඒ අනුව ඊයේ යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියා.

කෙසේ එම තරගය අතරවාරයේදී කේන් විලියම්සන් පන්දුවට පහර දෙමින් සිටින විට පන්දුවක් සිය අතේ ඇගිල්ලක වැදීම නිසා පිටියෙන් ඉවත් වුණේ ලකුණු 78ක් ලබා සිටියදීයි.

ඒ අනුව ඔහුගෙන් අතේ ඇගිල්ලේ අද ස්කෑන් පරීක්ෂණයක් සිදු කළ අතර එහිදී කේන් විලියම්සන්ගේ ඇගිල්ලේ අස්ථි බිදීමක් සිදුව ඇති බව අනාවරණය වී තිබෙනවා.

කේන් විලියම්සන්ට මෙම ආබාධය නිසා සති කිහිපයක් විවේක ගැනීමට සිදුවන අතර ඔහු වෙනුවෙන් නවසීලන්ත සංචිතයට අමතර ක්‍රීඩකයෙකු ලෙස ටොම් බ්ලන්ඩෙල් කැදවා තිබෙනවා.

නමුත් ඔහු කේන් විලියම්සන් වෙනුවට නවසීලන්ත සංචිතයට මෙතෙක් ආදේශ කර නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here