ජාතික ඔලිම්පික් කමිටුව පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ගනු ලැබ ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභිකයින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණා.
මෙම අර්බුදය වසරක පමණ කාල සීමාවක සිට පැන නැගෙමින් එන කාරණයක් බවත් එය ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර පරිපාලන අර්බුදයක් නිසා ඉතා ඉක්මනින් විසදා ගැනීම වෙනුවෙන් ක්‍රියා මාර්ග ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් මේ මොහොතේ ගනු ලැබ ඇති තීරණයට ජාතික ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර අර්බුදය බලපා ඇති බවත්, විශේෂයෙන්ම මෙම අර්බුදය නිසා ක්‍රීඩාව ක්‍රීඩාවක් ලෙස නිදහසේ කරගෙන යෑමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව නොලැබීම තව දුරටත් සිදු නොවිය යුතු බවත්, සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම නිදහසේ ක්‍රීඩාව කරගෙන යෑමට ඉඩකඩ සැලසිය යුතු බවත් අමාත්‍යවරයා ඔවුන් හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.
මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුව තුළ ඇතිව තිබෙන අභ්‍යන්තර අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව වෙත තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටි අතර, මින් ඉදිරියට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශයන්ට අනුකුලව කටයුතු කරන ලෙස ජාතික ඔලිම්පික් කමිටුව වෙත අවධාරණය කර සිටියේ ය.