1967 වසරෙන් පසු ලංකාවේදී ජාත්‍යන්තර බොක්සිං තරගාවලියක් ඇරඹෙයි 

    2025 ආසියානු වයස අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලිය මැයි 12 වනදා කොළඹදී ආරම්භ විය.

    මෙම තරඟාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර රටවල් 30කට අධික ප්‍රමාණයක් සහභාගිවේ. 

    ක්‍රීඩකයන් 400කට අධික ප්‍රමාණයක්ද මෙම තරඟාවලිය සහභාගීවීමට නියමිතයි.

    මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම මූලික වටයේ තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් විය.

    යස්මින් මොහොමඩ් කිලෝග්‍රෑම් 75 , සත්සර වර්ණකුලසූරිය කිලෝග්‍රෑම් 48,හසංජිත් ජයසිස්ස කිලෝග්‍රෑම් 57 බර පන්තියේ කාණ්ඩයේ මූලික වටයේ තරග ජයගත්තා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here