Home Athletics රුමේෂ් තරංග ඇතුළු ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හරසර – නිලයන් ද උසස්...

රුමේෂ් තරංග ඇතුළු ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හරසර – නිලයන් ද උසස් කෙරේ 

4 වැනි දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 2025ඔක්තෝබර් 24 සිට ඉන්දියාවේ රංචි නුවර දී පවත්වන ලද අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා දක්වමින් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකරගත් ගුවන් හමුදා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවීම සිදු කරන ලදී. 

මෙම හමුවේදී තරඟාවලිය පුරා විශිෂ්ට ක්‍රීඩා කුසලතාව දක්වමින් ජාත්‍යන්තර ජයග්‍රහණ හිමි කරගත් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා ගුවන් හමුදාපතිතුමන් විසින් නව උසස්වීම් සහ  සඳහා මුදල් ත්‍යාග පිරිනමන ලදි. 

ක්‍රීඩා කුසලතාව මගින් ගුවන් හමුදාවේ අභිමානය පමණක් නොව ශ්‍රී ලංකාවට එක්කර දුන් ගෞරවය වෙනුවෙන් සිය  සුභාසිංශණ එක්කළා.

මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකු සහභාගී වූ අතර, ගුවන් හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහබාගි වු අතර ගුවන් හමුදා ක්‍රීඩක සහ ක්‍රීඩිකාවන් එහිදී රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 3 ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින්,  පදක්කම් 06 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට සමත් විය. 

එසේම පදක්කම්ලාභී ක්‍රීඩක, ක්‍රීඩිකාවන්  06 දෙනා සඳහා කෝප්‍රල් නිලයට උසස්වීම් ප්‍රධානය කිරීම හා මුදල් ත්‍යාග පිරිනැමීම ද තරඟයට සහාබාගී වු අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා සඳහා මුදල් ත්‍යාග පිරිනැමීම ද ගුවන් හමුදාපතිතුමා විසින් සිදුකරන ලදි.

මෙම සියලු ජයග්‍රහණ ලබා ගැනීමට පිටුපස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ පුහුණුකරුවන් හය දෙනාටද ගුවන් හමුදාපතිතුමා විසින් විශේෂ ඇගයීමක් සිදු කරමින් මුදල් ත්‍යාග පිරිනැමුවාය.

රන් පදක්කම් ලාභීන්

ආධුනික ගුවන් භට තරංග පී.ආර්  – හෙල්ල විසි කිරීම. (නව තරග වාර්තාව)

නායක ගුවන් කාන්තා කෞෂල්‍යා කේ.එච්.ඒ.ඩි  – මීටර් 400කඩුලු පැනීම. (නව තරග වාර්තාව)

රිදී පදක්කම් ලාභීන්

නායක ගුවන් භට කුමාර  යූ.ඩී.වයි.ඩබ්  – දුර පැනීම.

ගුවන් කාන්තා සත්සරණි එල්.ජී.ඒ  – මීටර් 400 කඩුලු පැනීම.

ආධුනික ගුවන් භට ප්‍රනාන්දු එම්.ඒ.එන්.එච්  – මීටර් 4×400සහය දිවීම.

ලෝකඩ පදක්කම් ලාභීන්

නායක ගුවන් කාන්තා ලක්මාලි ඒ.ජි.වී.වී  – කවපෙත්ත විසිකිරීම. 

පුහුණු කරුවන්

ඩී චාමලී අතුකෝරල දහනායක.

එම්.ඒ.ටී ප්‍රසන්න. 

ජේ.එම්.ඩී.එන් හර්ජිනාස්.

ආර්.එම්.ඒ.පී රත්නායක.

කේ.වී.ආර්.සී ගුණරත්න. 

කේ.ඒ රවී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here