ඩුබායිහිදී මේදිනවලදී පැවැත්වෙන ILT T20 ක්‍රිකට් තරගාවලියේදී තරග දෙකක් අවසානයේදී වැඩිම
ලකුණු ලබාගත් ක්‍රීඩකයින් අතර පැතුම් නිස්සංක පෙරමුණ ගෙන සිටියි.
ඔහු ඩුබායි කැපිටල්ස් හා MI එමිරෙට්ස් කණ්ඩායමට එරෙහිව අර්ධ ශතක රැස් කිරීමට ද සමත් විය.
පැතුම් ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන අතර එම කණ්ඩායම තරග දෙකම ජය ගන්නට සමත් වූ අතර පැතුම් නිස්සංක මෙම තරග දෙකේදීම තරගයේ වීරයා බවට පත් වුණා.
ILT 20 තරගාවලියේදී බොහෝමයක් කණ්ඩායම් IPL කණ්ඩායම් හිමිකරුවන් විසින් හිමිකාරීත්වය දරණ අතර ඒ අනුව පැතුම් දෙසැම්බර් මස 16 වනදා පැවැත්වෙන IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළ මිලකට අලෙවි වීමට ද ඉඩක් පවතී.



