Home Cricket ලක්ෂාන් සඳකැන් ප්‍රධාන පුහුණුකරු ධූරයට  

ලක්ෂාන් සඳකැන් ප්‍රධාන පුහුණුකරු ධූරයට  

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් කොළඹ CCC ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.

සඳකැන් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් ක්‍රීඩකයෙකු ලෙස ද CCC කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

දැනට ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, වනිඳු හසරංග,කමිඳු මෙන්ඩිස්, පවන් රත්නායක , අසිත ප්‍රනාන්දු,විශ්ව ප්‍රනාන්දු සහ නිෂාන් මදුෂ්ක ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් රැසක් CCC කණ්ඩායම නියෝජනය කරයි.

දේශීය ක්‍රිකට් දිවියේ කඩුලු 561ක් දවා ගෙන තිබෙන ලක්ෂාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11ක් එක්දින තරග 31ක් සහ T 20 තරග 20ක් නියෝජනය කර තිබුණා.

එහිදි ඔහු ජාත්‍යන්තර කඩුලු 87ක් බිඳ දමා තිබේ.

2021 වසරේදී ලක්ෂාන් සඳකැන් ICCයේ ලොව හොඳම T 20 පන්දු යවන්නන් අතර 9 වැනි ස්ථානයට ද පත් වන්නට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here