Home Cricket සනත් ඉල්ල අස්වෙයි

සනත් ඉල්ල අස්වෙයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව අලුතින් පත් කරන ලද ක්‍රිකට් පරිවර්තන කමිටුවට ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ කටයුතු කිරීමත්,මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයත් යන දෙකම දැරීම සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටලු පිළිබද සලකා තමා මේ තීරණය ගත් බවයි.

ඒ අනුව සනත් ජයසූරිය මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් මෙන්ම මෙම මස අවසානයේ සිට ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ධුරයෙන් ද ඉවත්වනු ඇති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here