Home Cricket ආබාධය නිසා කුසල්ට එංගලන්ත T 20 අහිමිවෙයි – හිටපු කෙනා නායකයා වෙයි 

ආබාධය නිසා කුසල්ට එංගලන්ත T 20 අහිමිවෙයි – හිටපු කෙනා නායකයා වෙයි 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරවාරයේදී ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා එක්දින සහ T 20 නායක කුසල් මෙන්ඩිස්ට එංගලන්තය සමග පැවැත්වෙන T 20 තරගාවලිය අහිමි වී තිබෙනවා. 

ඒ අනුව T 20 කණ්ඩායමට යළි කැඳවනු ලැබූ චරිත් අසලංකට මෙම තරගාවලියේදී T 20 නායකත්වය ලබා දීමට තේරීම් කමිටුව පියවර ගත්තා.

කුසල් මෙන්ඩිස් වෙනුවට පවන් රත්නායක කණ්ඩායමට කැඳවා තිබෙනවා.

මීට අමතරව බිනුර ප්‍රනාන්දු ද ආබාධයකට ලක්වීම නිසා ඔහුට ද තරගාවලිය අහිමිව ගොස් තිබෙනවා. 

ඔහු වෙනුවට ශ්‍රී ලංකා T 20 සංචිතයට ඩිල්ෂාන් මධුශංක කැඳවන්නට තේරීම් කමිටුව විසින් පියවර ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here