ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය අතරවාරයේදී ආබාධයකට ලක් වූ ශ්රී ලංකා එක්දින සහ T 20 නායක කුසල් මෙන්ඩිස්ට එංගලන්තය සමග පැවැත්වෙන T 20 තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඒ අනුව T 20 කණ්ඩායමට යළි කැඳවනු ලැබූ චරිත් අසලංකට මෙම තරගාවලියේදී T 20 නායකත්වය ලබා දීමට තේරීම් කමිටුව පියවර ගත්තා.
කුසල් මෙන්ඩිස් වෙනුවට පවන් රත්නායක කණ්ඩායමට කැඳවා තිබෙනවා.
මීට අමතරව බිනුර ප්රනාන්දු ද ආබාධයකට ලක්වීම නිසා ඔහුට ද තරගාවලිය අහිමිව ගොස් තිබෙනවා.
ඔහු වෙනුවට ශ්රී ලංකා T 20 සංචිතයට ඩිල්ෂාන් මධුශංක කැඳවන්නට තේරීම් කමිටුව විසින් පියවර ගත්තා.



